පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ පරධාන ලේකම් පිරයන්ජිත් විතාරණ මහතා සිය තනතුරෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඊයේ (21) දේශපාලන මණ්ඩලයට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත. පෞද්ගලික හා සෞඛ්ය හේතුන් මත තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත.
ආර්ජන්ටිනාවේ බලධාරීන් විසින් හඳුනාගෙන ඇති සංඥා, අතුරුදහන් වූ සබ්මැරීනයෙහි සංඥා සලකුනු දක්නට ඇත. පසුගිය සිකුරාදා සිට සබ්මැරීනය අතුරුදන් වී ඇත්තේ සාමාජිකයින් 44 දෙනෙකු සමග.A.R.A සැන් ජුවාන් දී සබ්මැරීනයක් සොයා ගැනීමට බලධාරීන් NASA හි සෙවුම් ගුවන් යානා සහ රන්ඩ් තාක්ෂණය උපයෝගී කර ගෙන තිබේ. මෙම A.R.A සැන් ජුවාන් දී සබ්මැරීනය වෙරළට කිලෝමීටර් 430 ඔබ්බෙන් මුහුදෙන් අතුරුදන් වී ඇත.සබ්මැරීන සෙවීමේ මෙහෙයුම් සඳහා එක්සත් ජනපදය හා බ්රිතාන්යයද ආර්ජන්ටිනාවට උදව් කරමින් සිටින අතර, එය මුහුදු පතුලේ සැඟවී තිබේදැයි සොයා බැලීමට කටයුතු කර තිබේ. කෙසේවෙතත්, ප්රදේශයේ සුළං සහ රළු මුහුදේ සෝදිසි මෙහෙයුම ප්රමාද වී තිබේ.